ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (එල්පීඑල්) දුෂණ, වංචා සහ අක්‍රමිකතා

එල්පීඑල් තරගාවලිය සංවිධානය කළ IPG සමාගම ගිවිසුම් කොන්දේසි කඩ කරමින් ගෙවීම් පැහැරහැර තිබෙනවා. ඔවුන් මෙම තරගාවලිය සංවිධානය කිරීමේ අයිතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබාගන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.75ක මුදලකටයි. එහෙත් තරගාවලිය නිමා වී තිබුණත් ඔවුන් තවමත් සම්පූර්ණ මුදල් ගෙවා නැහැ. ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරගවල සිදු කරන productionවලින් අදාළ මුදල් අය කර ගන්නා ලෙස IPG සමාගම ‍ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා. දැන් කියනවා එම මුදල් ගෙවීමට වසර 04ක් දෙන්න කියලා. ඔවුන් ටෙන්ඩර් ක්‍රියාදාමය පවා උල්ලංගනය කර තිබෙනවා. මේ වනවිටත් IPG සමාගම සහ ‍ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර තිබෙන ගිවිසුම හෙළි කරලා නැහැ. එනිසාම මෙම ගිවිසුමේ කිසිදු විනිවිදභාවයක් නැහැ.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කිව්වා බෝඩ් එකේ සත පහක මුදලක් එල්පීඑල් තරගාවලියට වියදම් වෙලා නෑ කියලා. ඒ වගේම එල්පීඑල් එකෙන් ලාබයක් මිස පාඩුවක් වෙලා නෑ කියලා. එහෙත් හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේ රුපියල් මිලියන 42ක බිලක් ක්‍රිකට් බෝඩ් එකට එවලා තියනවා ගෙවන්න.
එල්පීඑල් එකේ TRANSPORT වියදම් ගෙවන්න වෙලා තියෙන්නෙත් ක්‍රිකට් බෝඩ් එකට. මේ වනවිට රු. මිලියන 4.4ක TRANSPORT BILL ගෙවලා තියෙනවා. මේ බිල වෑන් සඳහා පමණයි. එතකොට බස්, සහ අනෙකුත් වියදම් කොච්චරක්ද කියලා තාම ගණනය කරලාවත් නැහැ.
LPL එකේ PCR TEST කරන්න දීලා තිබුණේ නවලෝක රෝහලට. ක්‍රිකට් උපසභාපති නවලෝක රෝහලේ සභාපති. මේ අය ඇවිල්ලා ඉන්නේ බිස්නස් කරන්න මිසක් ක්‍රිකට් දියුණු කරන්න නෙමෙයි. ජයන්ත ධර්මදාස මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට්වල INTERNATIONAL CRICKET භාරව ඉන්නවා. කොහොමද එවැනි පුද්ගලයෙක් ක්‍රිකට් ආයතනයේ ඉන්නේ. මේක CONFLICT OF INTEREST. ඔහු PCR TESTවලින් පමණක් රු. මිලියන 5.5ක් හම්බ කරලා තියෙනවා. අනික නවලෝක රෝහලේ PCR TEST එකක් කරන්න රු. 9,000ක් ගන්නවා. අනිත් රෝහල් බහුතරයක එම ගාන අඩුයි. ඔහු රු. මිලියන 5.5ක් හම්බ කරලා තියෙන්නේ ක්‍රිකට් බෝඩ් එකේ ස්ටාෆ් එකේ PCR TESTවලින් පමණයි. මීට අමතරව LPL එකේ PCR TEST සම්පූර්ණ බිල රු. මිලියන 31ක්. මේ ක්‍රිකට් දියුණු කරන්න තිබෙන මුදල් බිස්නස්වලට යොදාගන්න ආකාරයයි.
මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට LPL එකේ ගෙවීම් කරපු බිල් පහත පරිදි වේ. මේ සමහරක් බිල් ගෙවා ඇතත් සමහර බිල් ගෙවා නැත.
SLC එකට ආව LPL එකේ සම්පූර්ණ බිල රු. මිලියන 310ක්. FRANCHISERSලාගේ බිල රු. මිලියන 944ක්.
ADMIN CHARGES BILL එක රු. මිලියන 35ක් ගෙවා ඇත.
තරගාවලියේ සම්බන්ධීකාරකවරුන්ට රු. මිලියන 1.2ක් ගෙවා ඇත. ඒ බන්දුල දිසානායකට රු. ලක්ෂ 06ක් සහ අනුර වීරසිංහට රු. ලක්ෂ 06ක් වශයෙනි.
LPL එකේ මේස සහ පුටුවලට පමණක් රු. මිලියන 3.7ක මුදලක් ගෙවා ඇත.
LPL එකේ කෑමවලට රු. මිලියන 34ක් (CATERING)
LPL එකේ හොටෙල්වලට SLC එක බජට් කරලා තිබුණේ රු. මිලියන 38ක් පමණයි. එහෙත් ෂැංග්‍රිලා හොටෙල් එකේ බිල විතරක් රු. මිලියන 42ක්. හැබැයි මේ මුදල ගෙවන්න ඕන ශ්‍රී ලංකා ක්‍රිකට් නෙමෙයි. FRANCHISERSලා. එහෙත් ඔවුන් එය ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එවනවා. ෂැංග්‍රිලා හොටෙල් එකේ බිල විතරක් රු. මිලියන 42න් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් රු. මිලියන 28ක් පමණක් ගෙවන්න තීරණය කරලා. මීට අමතරව තවත් හොටෙල් කිහිපයකට රු. මිලියන 5.5ක මුදලක් ගෙවන්න ඇවිත් තිබෙනවා.
ජයික් හිල්ටන් හොටෙල් එකේ මාධ්‍ය හමුව තියන්නත් සම්පූර්ණ මුදල ගෙවලා තියෙන්නේ SLC එකෙන්.

මෙන්න ක්‍රිකට් බෝඩ් එකෙන් එල්පීඑල් එකට වියදම් කර ඇති මුදල්

LPL එකේ නීති ගාස්තු රු. මිලියන 10ක්
ADVERTISING FEES රු. මිලියන 05යි
ලකුණු සටහන් කරන්නන්ට රු. මිලියන 1.7යි.
UMPIRESලාට රු. මිලියන 4.7යි.
liaison officerලාට රු. ලක්ෂ 06යි.
TECHNICAL COMMITTEE එකට රු. මිලියන 1.8යි යනාදී වශයෙන් BILL දමා තිබෙනවා.
මීට අමතරව LPL එකේ DIRECTOR තරග පාවාදීමේ චෝදනා ලද ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්නයි.
LPL එකේ SIDESCREEN එකක් ගහන්න රු. ලක්ෂ 18ක් වැය කර තිබෙනවා.
LPL එකේ කැමරා 22ක් දාන්න රු. මිලියන 3.6ක බිලක් දාලා තිබුනා.
LPL එකේ විෂබීජනාශක දියරවලට පමණක් රු. මිලියන 11.5ක් දාල තිබුණා. පසුව ඒ බිල අඩු කරලා තිබුණා.
මෙම මුදල් අක්‍රමිකතා හොයන්න LPL එක වහාම විගණනය කළ යුතුයි. මීට අමතරව සැඟවුණු BILL රාශියක් තිබෙනවා. LPL එකෙන් ක්‍රිකට් ලොක්කෝ කොමිස් අරන් තියෙනවා. තවත් සමහරු LPL එකේ දීමනා එපා කියලා තියෙනවා මිලියන ගණන් කොමිස් ගහලා.

ක්‍රීඩා අමාත්‍යවරයා මෙරට ක්‍රීඩාව හරි මගට ගැනීමට උත්සහ කරන අයුරු දිස්වේ. එසේ නම් පළමුව කළ යුත්තේ ක්‍රිකට් බෝඩ් එක සුද්ද කිරීමයි. මේකේ සිදුවී ඇති වංචා, දුෂණ රුපියල්වලින් නෙමෙයි සිදුව තිබෙන්නේ. ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනින්. එහෙයින් අප ඇමතිතුමාගෙන් නැවත නැවතත් ඉල්ලා සිටිනවා වහාම මේ එල්පීඑල් තරගාවලිය විගණනය කරන ලෙසට. එසේ විගණනයක් කළහොත් කඹ හොරු අතටම අසු කරගත හැකි වේවි.