Home Headlines ටොරිංටන්වලට සහ කුරුණෑගලට සින්තටික් ධාවන පථ

ටොරිංටන්වලට සහ කුරුණෑගලට සින්තටික් ධාවන පථ

ක්‍රීඩා පාසල් 05කට මීටර් 130 සින්තටික් ධාවන පථ

ටොරිංටන් ක්‍රීඩාංගණයට මං තීරු 06ක සින්තටික් ධාවන පථයක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට මීටර් 400 මං තීරු 06ක සින්තටික් ධාවන පථයක් ලබාදීමට අවශ්‍ය ටෙන්ඩර් පටිපාටිය මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ආරම්භ කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මීට අමතරව මෙරට ක්‍රීඩා පාසල් 05ක මීටර් 130 සින්තටික් ධාවන පථ ඉදි කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
‘මෙතෙක් කල් සින්තටික් ධාවන පථයක් තිබුණේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පමණයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ දියගමටත් සින්තටික් ධාවන පථයක් ලබාදුන්නා. අපි මේ වනවිට ටොරිංටන් ක්‍රීඩාංගණයේ මං තීරු 06ක සින්තටික් ධාවන පථයකුත් කුරුණෑගල මීටර් 400 මං තීරු 06ක සින්තටික් ධාවන පථයකුත් හදන්න අවශ්‍ය ටෙන්ඩර් පටිපාටිය ආරම්භ කරලා මේ අවුරුද්දේ වැඩ ආරම්භ කරනවා. ඊටත් අමතරව තවත් ක්‍රීඩා පාසල් 05ක මීටර් 130 සින්තටික් ධාවන පථ හදන්න අපි මේ වසරේ කටයුතු කරනවා’ යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
Exit mobile version