බස්නාහිර පළාතේ බරපතළ රෝගාබාධ ඇති ජනතාවටද අද (10දා) සිට දින 03ක් එන්නත් ලබාදෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි .

කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවට මෙම  එන්නත් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.

ජනතාවට 1906 දුරකතන අංකය අමතා ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.