Home Headlines නියම වෙලාවට එළියට බහිනවා – හිටපු ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

නියම වෙලාවට එළියට බහිනවා – හිටපු ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසි වෙලාව පැමිණි පසු තනිවම තරග කර ඉදිරියේදී රජයක් පිහිටුවන බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල පිහිටුවීම අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අත්සන් කළ ගිවිසුම් ප්‍රකාර කිසිදෙයක් ඉටු වී නැති බවද මේ වනවිට ජනතාව කලකිරී සිටින බවද හෙතෙම පැවසිය.

බිම වැටී සිටින යෝදයා ඉදිරියේදී නැගිටුවන වන බවද පැවසූ හිටපු ජනාධිපතිවරයා පක්ෂය සංවිධාන ශක්තිමත් කළාම යෝධයා නැගිටුවීම අමාරු නැති බවද කියා සිටියේය.

Exit mobile version