Home Headlines Coronavirus පළමු ‘ෆයිසර්’ එන්නත් තොගය දිවයිනට

පළමු ‘ෆයිසර්’ එන්නත් තොගය දිවයිනට

ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා පළමු තොගය අද (05දා) අලුයම ශ්‍රි ලංකාවට රැගෙන එනු ලැබීය. එම එන්නත් තොගයට මාත්‍රා 26,000ක් ඇතුළත් වෙයි. සෞඛ්‍ය අංශ ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට දකුණු ආසියාවේ රටකට ෆයිසර් එන්නත් තොගයක් ලැබුණු පළමු අවස්ථාව මෙයයි.
මෙම ෆයිසර් එන්නත් තොගය නාරාහෙන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ.
එම එන්නත් ඉතාම ඉක්මනින් ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

Exit mobile version