Home Headlines Coronavirus බස්නාහිර පළාතේ 30ට වැඩි සැමට 31ට පෙර එන්නත් දී අවසන් කරන්න...

බස්නාහිර පළාතේ 30ට වැඩි සැමට 31ට පෙර එන්නත් දී අවසන් කරන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට මෙම මස 31 වැනිදාට පෙර කොවිඩ්-19 මර්දන එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ටනියෝග කළේය. දිවයිනේ සියලුම ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට ලබන සැප්තැම්බර් මාසයට පෙර එන්නත ලබාදීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ එන්නත්කරණය සහ කොවිඩ් මර්දන කටයුතු සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයන් සමග ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීය.

Exit mobile version