Home Business රත්නපුරයෙන් හමුවූ ලොකුම මැණික වෙන්දේසියට සූදානම්

රත්නපුරයෙන් හමුවූ ලොකුම මැණික වෙන්දේසියට සූදානම්

රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් හමුවූ ලොව ලොකුම මැණික එහි අයිතිකරුගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

එමෙන්ම මෙහි වටිනාකම නිසාම මෙම මැණිකට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදුන් බවද හෙතෙම සඳහන් කළේය.

වෙන්දේසියේ විකිණීමට ප්‍රථම පළමුවෙන්ම එහි වටිනාකම තක්සේරු කරගත යුතු වන බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

චීනයේ මැණික් වෙන්දේසිය ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන බව කී ලොහාන් රත්වත්තේ මහතා මෙම මැණික එම වෙන්දේසියේදී විකුණා ගැනීමට හැකි වනු ඇතැයිද සඳහන් කළේය.

මැණික අලෙවි කරන මුදලින් සියයට 10ක් රජයට හිමි වන බවද ඔහු කීවේය. මෙම ආරුනූල් මැණික් සමූහය කිලෝ ග්‍රෑම් 510ක පමණ බරින් යුක්ත වූවකි. එමෙන්ම ලෝකයේ මෙතෙක් හමුවූ විශාලතම ආරනූල් මැණික් සමූහය ලෙස මෙය සැලකේ.

Exit mobile version