Home Headlines Coronavirus ලංගම දිනක පාඩුව රු. කෝටි හතරහමාරක් – ලංගම සභාපති පවසයි

ලංගම දිනක පාඩුව රු. කෝටි හතරහමාරක් – ලංගම සභාපති පවසයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) දිනක පාඩුව රු. කෝටි හතරහමාරක් ලංගම සභාපති පවසයි. කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් කෝටි හතරහමාරකින් පමණ පහත වැටී ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය දෛනික ආදායම රුපියල් කෝටි අටහමාරක පමණ අගයක තිබූ බවත් කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් එය රුපියල් කෝටි හතර දක්වා අඩුවී ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දෛනකිව ධවනය වූ ලංගම බස්රථ 5200 ක ප්‍රමාණය 4200 දක්වා අඩු වී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

Exit mobile version