Home Headlines අද සවස් වෙද්දී කටුනායකින් පමණක් කොරෝනා ආසාදිතයින් 102ක්…

අද සවස් වෙද්දී කටුනායකින් පමණක් කොරෝනා ආසාදිතයින් 102ක්…

කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ අද දින සවස් වනවිට වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයන් 102 ක් වන බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි. ඒ අනුව මොවුන් අතරින් වැඩි පිරිසක් පළමු ආශ්‍රිතයන් සහ කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් බවත් මෙම ආසාදිත පිරිස අනාවරණය කර ගැනීම සදහා පසුගිය දෙදින තුළ පී.සී.ආර්. පරීක්ෂණ 400 ක් පමණ සිදු කළ බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා සදහන් කරයි.

Exit mobile version