කොස්ලන්ද කැළිපනාවෙල ප්‍රදේශයේ දී 12 හැවිරිදි දරුවකුගේ කටට බෙහෙත් කොටන  තුවක්කුවකින් වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.

කොස්ලන්ද කැළිපනාවෙල ප්‍රදේශයේ ගෙවත්තකදී මෙම වෙඩි තැබීම සිදු වී ඇතැයි ද පොලිසිය කියයි.

මුඛය ආශ්‍රිත ප්‍රදේශයේ බරපතළ තුවාල ලබා සිටි මෙම පිරිමි දරුවා සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල පළාත් මහ රෝහලට මාරු කර යවා ඇතැයි ද පොලීසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධව 21 හැවිරිදි තරුණයකු වෙඩි තැබීමට යොදාගත් බෙහෙත් කොටන  තුවක්කුව සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.