Home Headlines 2021 උසස් පෙළ විභාගයට අයැදුම් කිරීම ඔන්ලයින් මඟින්

2021 උසස් පෙළ විභාගයට අයැදුම් කිරීම ඔන්ලයින් මඟින්

මෙම වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන පාසල් සහ පෞද්ගලික අපේක්ෂකයින්ට අද (05දා) සිට මෙම මස 30දා දක්වා අයැදුම්පත් මාර්ගගත ක්‍රමයට (online) ඉදිරිපත් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් පසුගිය වසරේ මෙන්ම මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි විය හැකි බවත් විභාග දෙපාර්තමේන්තුව හදුන්වා දුන් ජංගම දුරකථන යෙදුම (Mobile App) ඔස්සේ ද ලියාපදිංචි වියහැකි බවත් විභාග කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් පැවසීය.
මෙවර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 04 වැනිදා සිට 30දා වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

Exit mobile version