Home Headlines කෝටි 60 ක අයිස් සහ හෂීස් මීගමුව මුහුදෙන් අල්ලයි

කෝටි 60 ක අයිස් සහ හෂීස් මීගමුව මුහුදෙන් අල්ලයි

රුපියල් කෝටි 60කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 206ක් සමඟ සැකකරුවන් 4 ක් සහ එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවද මීගමුවට නුදුරු මුහුදේදී ඊයේ (04දා) අලුයම අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය, මීගමුව කොට්ඨාස අපරාධ අංශය සහ නාවික හමුදාව සමත් වී තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්තානයේ සිට නෞකාවකින් මීගමුවට නුදුරු ගැඹුරු මුහුදට ගෙනවිත් ඇති අතර, එහිදී වෙනත් ට්‍රෝලර් යාත්‍රාවකට පටවාගෙන මීගමුවට රැගෙන එද්දී අත්අඩංගුවට පත්ව ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වා ඇත්තේ මේ වනවිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන වත්තල රංජු නමැති අයකු බව විමර්ශනවලින් හෙළිවී ඇත. මුහුදු මාර්ග ඔස්සේ රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය මීගමුව ප්‍රදේශයේදී ගොඩබා ඒවා වත්තල ප්‍රදේශය වෙත රැගෙන යාමට සූදානම් කර තිබූ බව පොලිසිය පවසයි.

Exit mobile version