Home Headlines පසුගිය රජයේ කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් අද දේශපාලන පළිගැනීම් පිළිබද සෙවීමේ...

පසුගිය රජයේ කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් අද දේශපාලන පළිගැනීම් පිළිබද සෙවීමේ ජනාධිපති කොමිසමට

වයඹ නාවික ආඥාපති රියර් අද්මිරාල් ඩී.කේ.පී දසානායක මහතා විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාලව
රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, රන්ජන් රාමනායක, අජිත් පී. පෙරේරා, ඩී.එම්.ස්වාමිනාදන්, ජේ.සී වැලිඅමුණ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ රවී විද්‍යාලංකාර යන මහත්වරුන් අද දිනයේ දේශපාලන පළිගැනීම් පිළිබද සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අද (15 වැනිදා) පෙනී සිටීමට නියමිතය.
2008 වසරේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව අසත්‍ය සාක්ෂි ගොනු කරමින් තමාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරූ බව පවසමින් ඩී.කේ.පී දසානායක මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි. ඒ අනුව අදාල පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති මෙම පසුගිය රජයේ කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් ඇතුළු 6 දෙනාට අද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් පසුගිය 6 වනදා සිතාසි නිකුත් කර තිබිණි.

Exit mobile version