Home Headlines 2022 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස්දෙනෙකු අලෙවි වෙයි-වනිඳු හසරංගට විදෙස්...

2022 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස්දෙනෙකු අලෙවි වෙයි-වනිඳු හසරංගට විදෙස් ක්‍රීඩයන් අතර දෙවැනි ඉහළම මිලක්

දින දෙකක් පුරා පැවැති 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්) ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (13) අවසන් වූ අතර ඉන්දීය ක්‍රීඩකයින් 7 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 4 දෙනෙකු ඇතුළු ක්‍රීඩකයින් 11 දෙනෙකු ඉන්දීය රුපියල් කෝටි 10 සීමාව ඉක්මවා අලෙවි වූහ. ඉන්දීය රුපියල් කෝටි 15 ඉක්මවා ගිය එකම පුද්ගලයා ඉෂාන් කිෂාන්ය. ලයම් ලිවින්ස්ටෝන් (ඉන්දීය රුපියල් කෝටි 11.5)
වැඩිම මිලට අලෙවි වූ විදේශීය ක්‍රීඩකයා වන අතර වනිඳු හසරංග (ඉන්දීය රුපියල් කෝටි 10.75) දෙවැනි වැඩිම ලංසුව ලැබු විදෙස් ක්‍රීඩකයා විය.
ඒ අනුව රුපියල් කෝටි 15.25 කට මුම්බායි ඉන්දියන්ස් විසින් මිලදී ගන්නා ලද ඉෂාන් කිෂාන් අයිලීඑල්. 2022 වෙන්දේසියේ මිල අධිකම ක්‍රීඩකයා වන අතර චෙන්නායි සුපර් කිංග්ස් විසින් කෝටි 14කට තෝරා ගත් දීපක් චාහර්, දෙවැනියා මෙන්ම වැඩිම මිල අධික ඉන්දීය පන්දු යවන්නාද වේ.
කොල්කටා නයිට් රයිඩර් (KKR) විසින් රුපියල් කෝටි 12.25 කට තෝරා ගත් ශ්‍රෙයාස් අයියර් ක්‍රීඩක මිලදී ගත් ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිටී.
හර්ෂල් පටෙල් (RCB විසින් කෝටි 10.75), ශාර්දුල් තාකූර් (DC විසින් කෝටි 10.75 ), ප්‍රසිධ් ක්‍රිෂ්ණා (RR විසින් කෝටි 10) සහ අවේෂ් ඛාන් (LSG විසින් කෝටි 10) රුපියල් කෝටි 10 කට වැඩි ලංසු කැඳවූ අනෙකුත් ඉන්දීය ක්‍රීඩකයින් වේ.
ලයම් ලිවින්ස්ටෝන් (PBKS විසින් ඉන්දීය රුපියල් කෝටි 11.5) ) වැඩිම මිලකට අලෙවි වූ විදේශීය ක්‍රීඩකයා වේ. වනිඳු හසරංග (RCB සඳහා ඉන්දීය රුපියල් කෝටි 10.75), නිකලස් පූරාන් ( SRH සඳහා ඉන්දීය රුපියල් කෝටි10.75) සහ ලොකී ෆර්ගියුසන් (GT සඳහා ඉන්දීය රුපියල් කෝටි 10 ) කෝටි 10 ඉක්මවා අලෙවි වූ අනෙක් විදේශීය ක්‍රීඩකයෝ වෙති.
මෙවර වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 204 දෙනෙකු අලෙවි වූ අතර, ඊට විදෙස් ක්‍රීඩකයින් 67 දෙනෙකු ද ඇතුළත් කර තිබුණි.
මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 23 දෙනෙක් ඇතුළත්වී සිටි අතර එයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙකු ද මෙවර වෙන්දේසියේ දී අලෙවි වී තිබීම විශේෂත්වයකි.
එසේ අලෙවි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වන්නේ වනිදු හසරංග (ඉන්දීය රුපියල් කෝටි 10.75), දුෂ්මන්ත චමීර (ඉන්දීය රුපියල් කෝටි 2), මහීෂ් තීක්ෂණ (ඉන්දීය රුපියල් ලක්ෂ 70), භානුක රාජපක්ෂ (ඉන්දීය රුපියල් ලක්ෂ 50) සහ චාමික කරුණාරත්න (ඉන්දීය රුපියල් ලක්ෂ 50)

Exit mobile version