Home Headlines Coronavirus දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා ආසාදනය වෙයි

දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා ආසාදනය වෙයි

දිවුලපිටියේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ. ඒ අනුව අදාල කාන්තාව මේ වන විට කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයෙන් ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී රෝගය සුවවී නිවසට යවන අවස්ථාවේදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයකින් ඇයට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි සොයාගෙන තිබේ.

Exit mobile version