Home Headlines අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මුඛයේ ශෛල්‍යකර්මයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මුඛයේ ශෛල්‍යකර්මයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී හදිසි සැත්කමකට භාජනය වී ඇත. සැත්කමෙන් අනතුරුව  ඔහු සුව අතට පත්වෙමින් සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මීට පෙර යොදා ගත් පරිදි අග්‍රාමාත්‍යවරයාගේ මුඛයෙහි මෙම හදිසි සැත්කම සිදුකර ඇති අතර එම සැත්කම සිදුකිරීමේදී ඔහුගේ පෞද්ගලික වෛද්‍ය නරේන්ද්‍ර පින්තු මහතාද එක්ව සිටි බවයි සඳහන් වන්නේ. අදාළ සැත්කම සිදුකිරීමට සැලසුම් කර තිබුණේද වෛද්‍ය නරේන්ද්‍ර පින්තු මහතා ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසුව බවද වැඩිදුරටත් සඳහන් වේ.

 

Exit mobile version