Home Headlines බස්නාහිරින් පිටතට යන පුද්ගලයින් සඳහා අද සිට ඇන්ටිජන් පරීක්ෂණ

බස්නාහිරින් පිටතට යන පුද්ගලයින් සඳහා අද සිට ඇන්ටිජන් පරීක්ෂණ

බස්නාහිර පළාතෙන් පිටත්ව යන පුද්ගලයින් සඳහා අද (18 වැනිදා) දිනයේ සිට ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා තිබේ. ඒ අනුව බස්නාහිර පළාතේ ප්‍රධාන ස්ථාන 03ක ජංගම ඇන්ටිජන් පරීක්ෂණ ස්ථාන යොදා එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට අවශ්‍ය උපදෙස් මේ වන විට නිකුත් කර තිබේ.
ඒ අනුව අවිස්සාවේල්ල පාරේ කොස්ගම – සාලාව, නුවර පාරේ නිට්ටඹුව සහ පුත්තලම පාරේ කටුනායක අවට ප්‍රදේශවල අද දිනයේ සිට මෙලෙස පොදු මගී ප්‍රවාහන සේවාවන් ඉලක්ක කර ගනිමින් අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයින්ව ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ලක් කිරීමට නියමිතව ඇත.

Exit mobile version