Home Headlines රන්ජන්ට ජනපති සමාව ගන්න කලාකරුවෝ පෙරට එති

රන්ජන්ට ජනපති සමාව ගන්න කලාකරුවෝ පෙරට එති

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිරදඩුවම් නියම වූ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබාදී නිදහස් කරන ලෙස කලාකරුවෝ ඉල්ලති. කලාකරුවන් පිරිසක් මෙලෙස ඉල්ලීමක් කර සිටියේ අද (27දා) පැවති මාධ්‍ය හමුඑවකදීය.

රන්ජන් රාමනායක මහතා සමාජ සාධාරණත්වය වෙනුවෙන් අයුක්තියට එරෙහිව විශාල හඬක් නැගූ බවත් එය සැලකිල්ලට ගනිමින් රන්ජන් රාමනායක මහතාට සමාව දෙන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කරන බවත් මෙහිදී කලාකරුවෝ පැවැසූහ.

ප‍්‍රවීණ කලාකරුවන් වන ජීවන් කුමාරතුංග, උදයකාන්ත වර්ණකුලසූරිය, දිල්හානි අශෝකමාලා, අර්ජුන් කමලනාත්, සුරංග ද අල්විස්, බුද්ධික ජයරත්න, නදීකා ගුණසේකර, සුනිස් ටී. ප‍්‍රනාන්දු, ජනිත් වික‍්‍රමගේ, සරත් ද අල්විස් යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවෝ පිරිසක් එම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියහ.

ඡායාරූප: ලංකාදීප වෙබ් අඩවියෙනි.

Exit mobile version