Home News මාදුරු ඔයේ බෝම්බ පිපිරීමක් මේජර් රෝහලේ

මාදුරු ඔයේ බෝම්බ පිපිරීමක් මේජර් රෝහලේ

ඉන්දු ශ්‍රී ලංකා , මිත්‍ර ශක්ති,  ඒකාබද්ධ යුද  අභ්‍යාසය පුහුණුව යටතේ මාදුරුඔය විශේෂ බලකා  පුහුණු පාසලේ දී පුහුණු කරන අතරතුරදී  අත්බෝම්බයක් පුපුරා යාමෙන් 6 වැනි ඉංජිනේරු බලකායේ  මේජර් වරයකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි.

මෙම අනතුරින් මේජර්වරයාගේ අතේ ඇඟිලි වලට තුවාල සිදුවී ඇති වී ඇති බව රෝහල් ආරංචිමාර්ග කියයි.

නමුත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව ද පොළොන්නරුව මහ රෝහලේ ප්‍රකාශකයෙකු  සඳහන් කළේ ය.

මෙම පුහුණු අභ්‍යාසයට නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට  ප්‍රධාන  ආරාධිත අමුත්තා ලෙස  ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජනරාල්  මනෝජ් මුකුන්ද් නාරාවන මහතා  සහභාගි වූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද එක්ව සිටියේය.

Exit mobile version