HeadlinesNewsSinhala පාන් රු. 05කින්ද කේක් කිලෝවක් රු. 100කින්ද රෝස්පාන්, බනිස්, කිඹුලා බනිස් සහ මාළුපාන් ඇතුළු බේකරි නිෂ්පාදන රු. 10කින්ද ඉහළට August 19, 2021 FacebookTwitterPinterestWhatsApp සියලුම බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා (23දා) සිට ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසා සිටියේ ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ද, රෝස්පාන්, බනිස්, කිඹුලා බනිස් සහ මාළුපාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනයන් රුපියල් 10 බැගින් ද, කේක් කිලෝවක් රුපියල් 100කින්ද ඉහළ දැමූ බවයි. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම මිල ඉහළ දැමීමට සීනි මිල ඉහළ යෑම මෙන්ම කිලෝ 37.5 විශාල ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල මාස දෙකට පමණ පෙර රුපියල් 900කින් පමණ ඉහළ දැමීම දැඩි බලපෑමක් කළ බවත්ය.