Home Sport Cricket ක්‍රිකට් අතුරු පාලක මණ්ඩල පත් කිරීමට කැබිනට් අනුමැතිය අනිවාර්‍ය කෙරේ

ක්‍රිකට් අතුරු පාලක මණ්ඩල පත් කිරීමට කැබිනට් අනුමැතිය අනිවාර්‍ය කෙරේ

ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් අතුරු පාලක මණ්ඩල පත් කරන්නේ නම්, ඒ සඳහා කැබිනට් අනුමැතිය ගත යුතු බව කැබ්නට් මණ්ඩලය අද තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයකට අනුව තීරණ ගැනීමේ බලය ක්‍රිකට් සඳහා පත්කර ඇති අමාත්‍ය අනු කමිටුව වෙත පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ අනුව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අමාත්‍ය අනු කමිටුව පත් කර තිබේ.

 

Exit mobile version