Home Headlines බන්ධනාගාර තුළ සීසීටීවී කැමරා සවි කිරීමට යයි

බන්ධනාගාර තුළ සීසීටීවී කැමරා සවි කිරීමට යයි

සියලුම බන්ධනාගාර සඳහා සීසීටීවී කැමරා සවි කිරීමටත් දුර කතන සංඥා අක්‍රීය කිරීමේ උපකරණ සවි කිරීමටත් පියවර ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. බන්ධනාගාර මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කොමසාරිස්වරයා මේ පිළිබඳ ප්‍රකාශ කළේය.
පසුගියදා මීගමු බන්ධනාගාරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සිර මැදිරියක් තුළ ශීත කරණයක්, සුව පහසු ඇඳක් සහ තවත් විද්‍යත් උපරකරණ කිහිපයක් සොයා ගනු ලැබීය.

Exit mobile version