Home Sport Cricket චන්දිමාල් නේපාලයට ක්‍රීඩා කරයි

චන්දිමාල් නේපාලයට ක්‍රීඩා කරයි


ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක සහ හිටපු නායක දිනේෂ් චන්දිමාල් නේපාලය සංවිධානය කරන එවරස්ට් ප්‍රිමියර් ලීග් (ඊපීඑල්) තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.
චන්දිමාල්ව තෝරාගෙන ඇත්තේ බයිරවා ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.
මෙවර ඊපීඑල් තරගාවලියට දිනේෂ් චන්දිමාල්ට අමතරව සුපිරි පිතිකරුවන් වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්, දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා සහ ඒ.බී. ඩිවිලියර්ස් ඇතුළු සුපිරි ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩා කිරීමට නියමිතය.
කණ්ඩායම් සංඛ්‍යාව 06ක (ලලිට්පූර් පේට්‍රියට්ස්, බිරාට්නගර් වොරියර්ස්, බයිරවා ග්ලැඩියේටර්ස්, චිට්වාන් ටයිගර්ස්, පෝකාරා රයිනෝස් සහ කත්මන්ඩු කිංග්ස් XI) සහභාගිත්වයෙන් තරගාවලිය පැවැත්වේ.
ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකත්වය දරා ඇති 31 හැවිරිදි චන්දිමාල් මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමටද ක්‍රීඩා කළේය.

Exit mobile version