පොලිස් නිලධාරීන් 105 දෙනෙකුට මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වී ඇතැයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව අද (01 වැනිදා) දිනයේදී නිලධාරීන් දස දෙනෙකු නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අතර දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ කාන්තා පොලිස් නිලධාරිනියක්ද වන බව වාර්තා වේ.