Home Headlines සුවවී ගෙදර ආ අනුරාධපුරේ කාන්තාවකට නැවතත් කොරෝනා වැළඳෙයි

සුවවී ගෙදර ආ අනුරාධපුරේ කාන්තාවකට නැවතත් කොරෝනා වැළඳෙයි

අනුරාධපුර – කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ කාන්තාවක් හට කොරෝනා වෛරස වැළඳීමෙන් පසු සුව වී නිවසට පැමිණීමෙන් අනතුරුව නැවත කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව අදාළ කාන්තාව අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර යවා තිබේ.
36 හැවිරිදි මෙම කාන්තාව පසුගිය මස 18 වැනිදා කුවේට්හී සිට මෙරටට පැමිණ තිබේ. අනතුරුව ඇයට කොරෝනා රෝග ලක්ෂණ පහළවීම හේතුවෙන් පසුගිය මස 28 වැනිදා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර කෙසේ වෙතත් මීට දින දෙකකය පෙර කරන ලද පීසීආර් පරීක්ෂණයකින් පසු ඇයට සුව වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ අනුව අදාළ කාන්තාව අනුරාධපුර – කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත ගොස් ඇති අතර එහිදී ඇයට නැවත මෙලෙස රෝග ලක්ෂණ පහළ වී තිබේ.

Exit mobile version