Home Headlines Coronavirus ක්‍රිකට් සභාපති ෂම්මිගේ උපන්දින පාටියෙන් කොවිඩ් පොකුරක්

ක්‍රිකට් සභාපති ෂම්මිගේ උපන්දින පාටියෙන් කොවිඩ් පොකුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ උපන්දිනය කොළඹ සීසීසී ක්‍රීඩා සමාජයේ පවත්වා ඇති අතර, ඊට සහභාගී වූ පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ්-19 ආසාධනය වීම හේතුවෙන් එම ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ කොළඹ එන්සීසී ක්‍රීඩා සමාජය යන ස්ථාන තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙලෙස කොවිඩ්-19 ආසාධනය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ රියදුරාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල්‍ය අංශයේ නිලධාරියෙකුටය.

Exit mobile version