Home Headlines කුඩු සමග හසුවූ ක්‍රිකට් ක්‍රීඩකයා තව දුරටත් රිමාන්ඞ්

කුඩු සමග හසුවූ ක්‍රිකට් ක්‍රීඩකයා තව දුරටත් රිමාන්ඞ්

හෙරොයින් ග්‍රෑම් 2.7ක් සමගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මදුශංක ලබන 9 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහෙස්ත්‍රාත් ජනනි ශශිකලා විජේතුංග මහත්මිය අද (2දා) නියම කළාය.
පසුගිය 24 දා පන්නල පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අදාළ වැටලීම සිදුකර ඇති බව පන්නල පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.
එහෙත් පොලිසිය මෙහිදී කටයුතු කළ ආකාරය පිළිබඳව ගැටලු‍කාරී තත්ත්වයක් පවතින බැවින් ඉදිරි දිනයේදී සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් කැඳවන ලෙසට ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥයෝ පෙන්වා දුන්හ.
කෙසේවෙතත් පොලිසිය මෙහිදී නිසි පරිදි කටයුතු කළ බවත් අත්ඩංගුවට ගැනීම නීත්‍යානුකූල අන්දමින් සිදුකළ බවත් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

Exit mobile version