Home Headlines ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව සතියක් යන තුරු පෙළපාලි සහ රැස්වීම් තහනම්

ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව සතියක් යන තුරු පෙළපාලි සහ රැස්වීම් තහනම්

සමස්ත ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව සතියක් යන තුරු කිසිදු පෙළපාලි සහ රැස්වීම් තහනම් බව පොලිසිය පවසයි. පශ්චාත් මැතිවරණ සමය තුළ සාමය ආරක්‍ෂා කර ගැනීමට සහාය ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මැතිවරණ නීති උල්ලංඝණය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පොලිසිය පවසයි. මේ අතර මැතිවරණය පැවති අද දිනයේ මැතිවරණ නීති උල්ලංඝණය කළ අපේක්‍ෂකයෙක් ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

Exit mobile version