Home Headlines පැරාලිම්පික් තරගාවලියේදී මව්බිමට කීර්තිය ගෙනා දිනේෂ්ට රු. කෝටි 05ක් දුලාන්ට රු. කෝටි...

පැරාලිම්පික් තරගාවලියේදී මව්බිමට කීර්තිය ගෙනා දිනේෂ්ට රු. කෝටි 05ක් දුලාන්ට රු. කෝටි 02ක්

මේ දිනවල ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් සමග රන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්තට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 05ක් හෙවත් රුපියල් ලක්ෂ 500ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව මෙම ක්‍රීඩා උළෙලේදීම හෙල්ල විසිකිරීමේ ඉසව්වකින් ලෝකඩ පදක්කමක් දිනූ සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් කෝටි 02ක් හෙවත් රු. ලක්ෂ 200ක් පිරිනැමීමට ද දිනේෂ් ප්‍රියන්තගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතාට රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක (16500000) මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට තීරණය කර තිබේ.

Exit mobile version