Home Headlines වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් හිඟ වැටුප් සමග යළි සේවයට

වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් හිඟ වැටුප් සමග යළි සේවයට

කුරුණෑගල රෝහලට අනුයුක්තව සේවය කළ විශේෂඥ වෛද්‍ය එස්.එස්.එම්.  ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාළව ඔහුට සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම්දී තිබේ.
වෛද්‍ය ෂාෆි 2019 වසරේ මැයි මස 24 වැනි දින සිට අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබුණි.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන කාලයේදී වෛද්‍ය ෂාෆි මහතා මව්වරුන්ට වඳ සැක්කම් කළ බවට විවිධ පාර්ශව චෝදනා කළ අතර ඒ අනුව ඔහුව අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර තිබුණි.

Exit mobile version