Home Sport Cricket කුමාර වෙනුවට චමීර

කුමාර වෙනුවට චමීර

ළහිරු කුමාර වෙනුවට දුශ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට

ඉන්දියාවේ, පූනේ හිදී පුහුණුවීම් අතරතුරදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර වම් කලවා මාංශපේශී ආබාධයකට ලක්වී තිබේ.

මේ හේතුවෙන් ඔහුට 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබේ.

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ තාක්ෂණික කමිටුව මඟින් ළහිරු කුමාර වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවීමට අනුමැතිය ලබා දී තිබේ.

එංගලන්තය සමඟ පැවති තීරණාත්මක තරඟයේදී ලකුණු 35කට කඩුලු 3ක් දවා ගනිමින් තරඟයේ වීරයා වූ ළහිරු කුමාර
හෙට (30) පූනේහි දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරගයට සහභාගී වීමට නොහැකි වීම ශ්‍රී ලංකා
කන්ඩායමට තීරණාත්මක විය හැක.

Exit mobile version