Home Foreign news යුරෝපයේ අධිවේගී මාර්ග හා දේශසීමා වසා දමයි

යුරෝපයේ අධිවේගී මාර්ග හා දේශසීමා වසා දමයි

ලොව පුරා ව්‍යාප්තවී ඇති කොරෝනා වෛරස් තත්ත්වය විශේෂයෙන් යුරෝපය තුළ බිහිසුණු ලෙස පැතිරීම හේතුවෙන් අධිවේගී මාර්ග සහ දේශසීමා වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව යුරෝපා ඉතිහාසයේ පළමු වතාවට අධිවේගී මාර්ග සහ දේශසීමා වසා දැමූ අවස්ථාව මෙය ලෙසින් සටහන් වේ.
මේ වන විට යුරෝපා රටවල්වලින් මැසිඩෝනියාව පමණක් කොරෝනා වෛරසයෙන් ගැලවී ඇති අතර පෘතුගාලය, ස්පාඤ්ඤය, ඉතාලිය, ස්ලෝවැකියාව, නෙදර්ලන්තය, ඔස්ටි්‍රයාව, ස්විට්සර්ලන්තය, ජර්මනිය යන රටවල් සහ යුක්රේනයද සිය දේශසීමා වසාදැමීමට තීරණය කර තිබේ.
මේ අතර මොරොක්කෝ රජයද සියලුම ගුවන් සේවා නතර කර තිබේ. ඉතාලියේ පමණක් කොරෝනාවලින් මියගිය සංඛ්‍යාව 1809 කින් වැඩිවී ඇත. ආසාදනය වී ඇති සංඛ්‍යාව 24,7478 දක්වා ඉහළ ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version