Home Headlines පර්ත් හිදී පියා දරු දෙදෙනාව මරා දමයි

පර්ත් හිදී පියා දරු දෙදෙනාව මරා දමයි

https://www.youtube.com/watch?v=PJEVXbP6V78
බටහිර ඔස්ට්‍රේලියාවේ හන්ටින් ඩේල් හි පර්ත් උප නගරයේ ජීවත් වූ ශ්‍රි ලාංකික පියෙකු තම කුඩා දියණිය සහ පුත්‍රයා ඝාතනය කර සියදිවි හානි කර ගෙන තිබේ.
නිවස තුළ මොවුන් තිදෙනා මියගොස් සිටියදී සොයා ගැනීමෙන් පසු බටහිර ඔස්ට්‍රේලියාවේ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි සදහන් වේ.
40 හැවිරිදි ඉන්දික ගුණතිලක නමැති පුද්ගලයෙකු මෙම අපරාධය සිදු කර ඇත. මොහු විශාදය නමැති මානසික රෝගයෙන් පීඩා විදිමින් සිටි බව සිඩ්නි මෝනිං හෙරල්ඩ් වාර්තා කර ඇත.
ඝාතනයට ලක්වූ දරුවන් දෙදෙනාගේ දේහයන් නිවස තුළ තිබියදී සොයා ගෙන තිබූ අතර මෙම පුද්ගලයාගේ දේහය ගරාජය තුළ තිබී හමුවී තිබේ. සිය පුත්‍රයා වන 06 හැවිරිදි කොහාන් සහ සිව් හැවිරිදි දියණිය ලිලී නැමැති කුඩා දරුවන් දෙදෙනාව මෙලෙස ඝාතනය කර ඇත.
සුදු ජාතික කාන්තාවක් සමග විවාහ වී සිටි මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය ඔස්සේ ද තමන්ගේ මානසික වියවුල්කාරීභාවය පිළිබද අදහස් පළ කර තිබුණි. ඒ අනුව මීට සති හයකට පෙර ඔහු මානසික රෝග සමඟ මෑත කාලීන අරගල පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත ඔහු පළ කර තිබුනි.
නගර සැළසුම්කරුවෙකු ලෙස සිය වෘත්තිය සිදු කර ඇති ඉන්දික ගුණතිලක, ගායන ශිල්පියෙකු ලෙස ද කටයුතු කර තිබේ.
https://www.youtube.com/watch?v=Al54l1ukN7o
Exit mobile version