Home Headlines හෙට රාත්‍රියේ සිට මෙරටට ගුවන් යානා පැමිණීම අත්හිටුවයි

හෙට රාත්‍රියේ සිට මෙරටට ගුවන් යානා පැමිණීම අත්හිටුවයි

කොරෝනා වෛරසය තව දුරටත් රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවට ගුවන් යානා පැමිණිම සති දෙකක කාලයකට අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට (18 වැනිදා) රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවට ගුවන් යානා පැමිණීම අත්හිටුවන බවට නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.
කොරෝනා මර්දන කාර්ය සාධන බලකාය සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Exit mobile version