Home Headlines හිටපු අගමැති මහින්දගේ ආරක්ෂක අංශ අධ්‍යක්ෂවරයා සීඅයිඩී.යට

හිටපු අගමැති මහින්දගේ ආරක්ෂක අංශ අධ්‍යක්ෂවරයා සීඅයිඩී.යට

මසකට අධික කාලයක් පුරා ගාලුමුවදොර පවතින සාමකාමී මහජන අරගලයට කඩාවැදී පහරදීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශ අධ්‍යක්ෂවරයා ඇතුළු කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩී.) වෙත කැඳවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින ලද බවද පැවැසේ.
තවද පසුගිය 09 දා හිටපු අගමැතිවරයා සමඟ අරලියගහ මන්දිරයේ පැවති හමුව සංවිධානය කළ ප්‍රධාන සංවිධායකවරයාගෙන් සහ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන්ද මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින බවත් එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version