Home Headlines ෆෝමියුලා වන් ශූර ලුවිස් හැමිල්ටන්ට නයිට් පදවිය

ෆෝමියුලා වන් ශූර ලුවිස් හැමිල්ටන්ට නයිට් පදවිය

ෆෝමියුලා වන් ධාවන ශූර බ්‍රිතාන්‍ය ජාතික ලුවිස් හැමිල්ටන්ට නයිට් පදවිය පිරිනැමීම මහා බ්‍රිතානයේ ඔටුන්න හිමි කුමරු චාල්ස් කුමාරයාගේ සුරතින් ‘වින්ඩ්සර් කාසල්’හිදී අද (15දා) සිදු කෙරිණි. ඒ අනුව ලුවිස් හැමිල්ටන් හැඳින්වෙනුයේ ශ්‍රීමත් ලුවිස් හැමිල්ටන් හෙවත් සර් ලුවිස් හැමිල්ටන් ලෙසයි.
36 හැවිරිදි ලුවිස් හැමිල්ටන් නයිට් පදවියක් ලද සිව්වැනි ෆෝමියුලා වන් ධාවන ශූරයා වන අතර, තරග කරමින් සිටියදීම එම ගෞරවයට පාත්‍ර වූ පළමු පුද්ගලයාද වේ.
මීට පෙර ශ්‍රීමත් ජැක් බ්‍රාබම්, ශ්‍රීමත් ස්ටර්ලින් මෝස් සහ ශ්‍රීමත් ජැකී ස්ටුවට් යන ෆෝමියුලා වන් ධාවකයන් නයිට් පදවිය හිමි කරගෙන තිබුණි.

Exit mobile version