Home Sinhala දේශපාලන අත්දැකීම් අඩු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියයි

දේශපාලන අත්දැකීම් අඩු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියයි

තමන් දීර්ඝකාලීන දේශපාලන පවුලක සාමාජිකයෙක් වුවද තමනට පෞද්ගලිකව දේශපාලන අත්දැකීම් අඩු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

එනිසා වසර 60 ක දේශපාලන අත්දැකීම් ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන මැදිහත්වීම වැඩි වශයෙන් තමන් බලාපොරොත්තු වන බවත් ඒ මහතා පවසා තිබේ.

තමන් ජනාධිපතිවරයා වූ පසු දේශපාලන අත්දැකීම් ලබා ගනිමින් සිටින බවද ඒ මහතා පෙන්වා දී ඇත.

ඊයේ පස්වරුයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ඒ මහතා මේ අදහස් පළ කර තිබේ.

Exit mobile version