Home Headlines ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහි ජනතා විරෝධතා හමුවේ කසකස්ථානයේ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා...

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහි ජනතා විරෝධතා හමුවේ කසකස්ථානයේ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වෙයි

ඉන්ධන මිලෙහි තියුනු සහ හදිසි ඉහල දැමීමක් සිදුකිරීම හේතුවෙන් කසකස්තානයේ ජාතික අර්බුදයක් ඇවිලෙමින් ඇති අතර ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහි ජනතා විරෝධතා හමුවේ කසකස්ථානයේ අමාත්‍ය මණ්ඩලයද ඉල්ලා අස්වී තිබේ.
කසකස්ථාන ජනාධිපති කාසීම් ජොමාර්ට් විසින් එම ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර රට පුරා දින කිහිපයක් පැවැති ප්‍රචණ්ඩ ක්‍රියා සහ විරෝධතා වලින් පසුව ආණ්ඩුව නිල වශයෙන් පසුගිය අඟහරුවාදා ඉල්ලා අස්විය.

පසුගිය දින කිහිපය පුරා පැවති උද්ඝෝෂණ හේතුවෙන් පොලිස් නිලධාරීන් 100 කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
කසකස්තාන් ජනාධිපති කාසීම් ජොමාර්ට් විසින් එරට පළාත් කිහිපයක සති දෙකක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලද අතර, විරෝධතාකරුවන් දහස් ගණනක් රජයේ ගොඩනැගිලිවලට කඩා වදිමින් සහ පොලිස් නිලධාරීන් සමඟ ගැටෙමින් සිටිනු ඇතැයිද පැවැසේ . තවද එරට අන්තර්ජාල සේවා කඩිනමින් වසා දමන ලද අතර පණිවුඩකරණ යෙදුම් තහනම් කරන ලදී.

Exit mobile version