Home Headlines අයි.සී.සී. මූලස්ථානයේ නිලධාරීන්ටත් කොරෝනා

අයි.සී.සී. මූලස්ථානයේ නිලධාරීන්ටත් කොරෝනා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මුලස්ථානයේ සේවය කරන නිලධාරින් කිහිප දෙනෙකුටම නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මුලස්ථානය සෞඛ්‍ය හේතුන් මත දින කිහිපයක් යන තෙක් වසා තැබීමට පියවර ගන්නා බවයි වාර්තාවේ.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති නිලධාරින් හා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට යොමු කොට ඇති අතර පවතින තත්ත්වය මත බොහෝ නිලධාරීන් සිය නිවෙස් වල සිට වැඩ කටයුතු කිරිමට උපදෙස් ලබාදී තිබේ. කෙසේ වෙතත් ඇතිවී තිබෙන තත්ත්වය ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට බලනොපානු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දන්වා සිටී.

Exit mobile version