Home News අයි.සී.සී.ය විස්සයි විස්ස ලෝක කුසලාන කල් දමයි

අයි.සී.සී.ය විස්සයි විස්ස ලෝක කුසලාන කල් දමයි

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ලොව පුරා මතුව ඇති හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට අයි. සී. සී. ය තීරණය කළේ. ඊයේ (20 වැනිදා) රැස් වූ ඇයි. සී. සී. බලධාරීන් විසින් මෙම තීරණය ගෙන තිබේ.
එහිදී අයි. සී. සී. ය ඒකමතිකව මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වසරකින් කල් දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව මේ වසරේ ඔස්ටේ්‍රලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021 වසරේ ඔක්තෝබර් මාසය දක්වා කල් දැමීමටත් ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලිය 2022 වසරේ ඔක්තෝබර් මාසය දක්වා කල් දැමීමටත් අයි. සී. සී. ය තීරණය කර තිබේ.

Exit mobile version