Home Headlines පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමයි

පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමයි

  • ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 420
  • ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450
  • සුදු ඩීසල් ලීටරයක් රුපියල් 400. සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 445

කැබිනට්, මණ්ඩලය විසින් ඊයේ අනුමත කරන ලද ඉන්ධන මිල සූත්‍රය අනුව අද අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් වර්ග සියල්ලේම මිල ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 82 කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 77කින්ද සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 111කින්ද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 116කින්ද ඉහළ දමා ඇත.මෙම මිල ඉහළ දැමීමට අනුව නව මිල ගණන් මෙසේය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 420. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450. සුදු ඩීසල් ලීටරයක් රුපියල් 400. සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 445.

Exit mobile version