Home News ඉන්දියාවේ අලූත් කෝවිඞ් එක ශ‍්‍රී ලංකාවේ ළමුන්ටත් අවධානම්

ඉන්දියාවේ අලූත් කෝවිඞ් එක ශ‍්‍රී ලංකාවේ ළමුන්ටත් අවධානම්

කෝවිඞ් වෛරසය ආසාදනය වූ ඉන්දියානු දරුවන් අතර මේ දිනවල පැතිර යන රෝගයක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ළමා රෝග විශේෂඥයන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඊට හේතුව වන්නේ අදාළ රෝගය ශ‍්‍රී ලංකාවෙන්ද හමුවී තිබීමයි.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරන්නේ ඉන්ද්‍රීයයන් ඉදිමීම, වකුගඩු, පෙනහළු හ මොළයට අදාළ රෝගය මගින් දැඩි හානි පමුණුවන බවයි. මෙම රෝගය කෝවිඞ් සුව වීමෙන් පසුවද ව්‍යාප්ත වන බව හෙතෙම වැඩිදුරටත් පවසයි.
මෙම රෝගයට යම් කිසි දරුවකු ගොදුරුවී ඇත්නම් දවස් 14 ක් යාමට පෙර දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ යුතු බවද වෛද්‍යවරයා පවසයි.

Exit mobile version