Home Sport පාකිස්තාන් සුපර් ලීග් ශූරතාව කරච්චි කිංග්ස් පිලට…

පාකිස්තාන් සුපර් ලීග් ශූරතාව කරච්චි කිංග්ස් පිලට…

2020 පාකිස්තාන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉමාම් වසීම්ගේ නායකත්වයෙන් යුත් කරච්චි කිංග්ස් කණ්ඩායම ඊයේ (17 වැනිදා) සමත් විය. අවසන් මහා තරගයේදී සොහීල් අක්තාර්ගේ ලාහෝර් ක්ලන්ඩර් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමින් අදාළ ශූරතාව දිනා ගැනීමට ඔවුන් සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට දුන් ලාහෝර් ක්ලන්ඩර් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 134ක් ලබා ගැනීමට සමත් විය. ජයග්‍රහාහි ඉලක්කය හඹා ගිය කරච්චි කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 5ක් දැවී අදාළ ඉලක්කය සම්පූර්ණ කළේය.
ලාහෝර් කණ්ඩායම වෙනුවෙන් තමිම් ඉක්බාල් ලකුණු 35, ෆකාර් සමාර් ලකුණු 27, සොහීල් අක්තාර් ලකුණු 14 බැගින් වාර්තා කළේය. අමීඩ් අසිෆ්, අර්ශාද් ඉක්බාල් සහ මසූඩ් ලාහෝර් ඉනිමේ කඩුලු 2 බැගින් බිඳ දැමීය.
කරචච්චි කණ්ඩායම ජයග්‍රහණය වෙත කැඳවාගෙන ගිය බාබර් අසාම් නොදැවී ලකුණු 63ක් සහ සැක් වෝල්ටන් ලකුණු 22ක් රැස් කළේය.
හරිස් රවුෆ් සහ දිල්බර් හුසේන් ලාහෝර් වෙනුවෙන් කරදච්චි ඉනිමේ කඩුලු 2 බැගින් බිඳ දැමීය.

Exit mobile version