Home Headlines භූත සාස්තරේ වේවැලකින් දියණියක් මරා දමයි

භූත සාස්තරේ වේවැලකින් දියණියක් මරා දමයි

නොපෙනෙන බලවේග හෙවත් භූත දෝෂ කෙරෙහි විශ්වාස තබා තම දියණියව වෙදකමකට රැගෙන ගිය දෙමව්පියන්ට සිදුවුයේ එම දියණිය මෙළොවින් හැරදමා කදුළු සැලීමටය. මෙම පුවත වාර්තා වන්නේ මීගහවත්ත දෙල්ගොඩ කඳුබොඩ ප‍්‍රදේශයෙනි.
නව හැවිරිදි දියණියට අමුනු්‍ය දෝෂයක් ඇති බව පවසමින් පූජාවක් සිදුකළ යුතු බවට අසල්වැසි දේවලයක් කරගෙන ය කාන්තාවක් පවසා තිබේ. ඒ අනුව තෙල් සාත්තුවක් සිදුකළ යුතු බවට පවසා ඒ අතරවාරයේ යක්ෂයා පළවා හැරීමට වේවැලකින් පහරදිය යුතු බවද දේවාලයේ කාන්තාව පවසා තිබේ.
දෙමව්පියන්ද එයට විරුද්ධ නොවී ඇති බැවින් අදාළ කාන්තාව සිහිසුන් වන තුරු දියණියට පහරදී ඇත. දියණියගේ හුස්ම ගැනීමද නතරව කතා බහ නොකර සිටීමෙන් දෙමව්පියන් බියගම රෝහලට දරුවා රැුගෙන ගොස් ඇත. ඒ යන විටත් දරුවා මිය ගොස් ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධව අදාළ දේවාලයේ කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඉතාම අවාසනාවන්ත සිදුවීමක් තමයි වාර්තා වී තිබෙන්නේ. මීගහවත්ත දෙල්ගොඩ කඳුගොඩ ප‍්‍රදේශයෙන් තමයි මේක වාර්තා වන්නේ. අදාළ වේවැල් පහරදුන් කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙවැනි අවිධිමත් ප‍්‍රථිකාර නිසා මීට පෙරද කුඩා සහ වැඩිහිටියන් මරු මුවට පත්ව සිටිනවා.’’ යැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Exit mobile version