Home Headlines ලංකා අයිඕසී පෙට්‍රල් සහ ඩීසල් යළි නංවයි

ලංකා අයිඕසී පෙට්‍රල් සහ ඩීසල් යළි නංවයි

ලංකා අයිඕසී සමාගම විසින් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ නැංවීමට ඊයේ (25 දා) මධ්‍යම රාත්‍රියේ පියවර ගෙන තිබේ.
මීට අමතරව ඔවුන් ඩීසල් ලීටරයක මිලද රුපියල් 15 කින් ඉහළ දැමීමට කටයුතු කර ඇත. ඔවුන් මාස තුනක් ඇතුළත ඉන්ධන මිල ඉහළ දැමූ තෙවැනි අවස්ථාව මෙය වේ.

Exit mobile version