Home Headlines යාපනයෙන් කොළඹට ප්‍රහාරයක්

යාපනයෙන් කොළඹට ප්‍රහාරයක්

තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය කණ්ඩායම විසින් ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් කොළඹ පිල දැවැන්ත ලකුණු 93 ක පරාජයට ලක් කිරීමට සමත් විය. මෙය එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ නව වැනි තරගය වශයෙන් ආර්ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පළමුව පිති ප්‍රහාරය දියත් කළ යාපනය කණ්ඩායම පන්දුවාර 18 කදී කඩුලු 6ට ලකුණු 207 ක් ලැබූ අතර එහිදී ටොම් කෝලර් පන්දු 21 කින් ලකුණු 40 ක්ද ෂොයිබ් මලික් ලකුණු 44 ක්ද අශේන් බණ්ඩාර පන්දු 30 කින් ලකුණු 42 ක් ලබා ගත්තේය. කොළඹ පිලට දැවැන්තම ප්‍රහාරය දියත් කළ තිසර පෙරේරා පන්දු 23 කදී හයේ පහර පහක් සහ හතරේ පහර තුනක් සමග නොදැවී ලකුණු 57 ක් ලැබීය. කොළඹ පිල වෙනුවෙන් සීක්කුගේ ප්‍රසන්න කඩුලු 3 ක් බිඳ දැමීය.
යාපනය කණ්ඩායමේ පන්දු යවන්නන් විසින් පන්දුවාර 15.5 කදී කොළඹ පිල ලකුණු 114 කට සීමා කළේය. එහිදී මහීෂ් තීක්ෂන ලකුණු 25 කට කඩුලු 4 ක් දවා ගනිද්දී වහබ් රියාස් ලකුණු 26 කට කඩුලු 4 ක් බිද දැමීය. වනිදු හසරංග ලකුණු 17 කට කඩුලු 2 ක් දවා ගත්තේය. කොළඹ පිල වෙනුවෙන් අශාන් ප්‍රියංජන ලකුණු 35 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 28 ක් ලබා ගත්තේය.

Exit mobile version