Home Sport Cricket වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව මැතිව්ස්ට නැහැ, 18ක් අත්සන් කරති

වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව මැතිව්ස්ට නැහැ, 18ක් අත්සන් කරති

මෙන්ඩිස්, දික්වැල්ල සහ ගුණතිලකට වාර්ෂික කොන්ත‍්‍රාත්තුව නැහැ

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 18 දෙනෙක් වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් කර ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් එම කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් තබා නැත. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අතර වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පැවැති ගැටලුව නිරාකරණය වී ඇති අතර, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් වන්නන්ද ඊට අත්සන් තබා තිබේ.

ක්‍රීඩකයන් 18 දෙනකු අදාල කොන්ත්‍රාත්තුවට අත්සන් තබා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

කෙසේ වෙතත් දැනටත් තරග තහනමට ලක්වී සිටින නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනුශ්ක ගුණතිලකට කොන්ත‍්‍රාත්තුව ලබා දී නැත.

වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව හිමිවූ ක්‍රීඩකයින්

 

Exit mobile version