Home Sport Cricket ජැෆ්නා කිංග්ස් දඟපන්දු පුහුණුකාර ධුරය මුතුමුදලිගේ පුෂ්පකුමාරට

ජැෆ්නා කිංග්ස් දඟපන්දු පුහුණුකාර ධුරය මුතුමුදලිගේ පුෂ්පකුමාරට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නව දඟපන්දු පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෙකු වන මුතුමුදලිගේ පුෂ්පකුමාර පත් කර ඇත. ඒ මීට පෙර එම ධුරය දැරූ සචිත් පතිරණ වෙනුවටයි.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය සුබාෂ්කරන් අල්ලිරාජා ලබාගැනීමත් සමග ඔවුන්ගේ පුහුණු කාර්ය මණ්ඩලයේද වෙනස්කම් කිහිපයක් සිදුවිය.  ඒ අනුව හිටපු ශ්‍රී ලංකා පිතිකරුවෙකු වන ජෙහාන් මුබාරක්ගේ සහයද පිතිකරණ අංශයට ඔවුන් ලබාගෙන ඇත. කෙසේ වෙතත් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ තිළිණ කණ්ඩම්බිගේ ධුරයේ කිසිදු වෙනස්කමක් සිදුව නොමැත.

 

Exit mobile version