Home Headlines එන්.ජී. ඕ. ඉල්ලීම ඉවත දමා රජය ඥානසාර හිමිගේ පැත්ත ගනී

එන්.ජී. ඕ. ඉල්ලීම ඉවත දමා රජය ඥානසාර හිමිගේ පැත්ත ගනී

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සහභාගිත්වයෙන් පිහිටුවූ එක් රටක් එක් නීතියක් විශේෂ කාර්ය සාධක බළකාය අහෝසි කරන ලෙස රාජ්‍ය නොවන සංවිධාන කීපයක් කළ ඉල්ලීම රජය මගින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.

වාර්ගික ජනතාවට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා උන්වහන්සේ ක‍්‍රියාකර ඇතැයි රාජ්‍ය නොවන සංවිධාන සඳහන් කර තිබේ. විශේෂ කාර්ය සාධක බළකාය පත්කළ ගැසට් පත‍්‍රය අවලංගු කරන ලෙස රජයෙන් කර ඇති ඉල්ලීමට මුල්වී ඇත්තේ ජිනීවා යෝජනාවට සහාය දැක්වූ කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියෙකි.

ඥානසාර හිමියන් ප‍්‍රමුඛ කාර්යසාධක බළකායටය එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියට ද එම සංවිධානය විසින් පැමිණිල්ලක් යොමුකර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Exit mobile version