Home Headlines ඩොලරයක්වත් දී නෑ – කන්ටේනර් වරායේ හිරවේ

ඩොලරයක්වත් දී නෑ – කන්ටේනර් වරායේ හිරවේ

වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිදහස්කර ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 25ක් ලබාදෙන බවට පොරොන්දු වුවත් ඊයේ (10දා) වනතුරුත් එක ඩොලරයක්වත් ලබාදී නැතැයි අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසීය.

ලබාදී තිබෙන පොරොන්දුව ඉටුකරන තුරු බලා සිටින බව ද ඒ මහතා කීය.

ඒ ඒ කන්ටේනර් හිමි ව්‍යාපාරිකයන් විසින් ඔවුන්ට කළ හැකි ක‍්‍රම හරහා කන්ටේනර් එක දෙක නිදහස් කරගන්නා බව ද ඒ මහතා පැවසීය.

‘‘ඩොලර් ප‍්‍රශ්නය උග‍්‍රයි. පොරොන්දු වූ පරිදි ඩොලර් ලබාදෙනතුරු බලා සිටිනවා’’ යැයි ද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

Exit mobile version